Friday, June 7, 2013

සම්බුද්ධ මන්දිරය ඉදිකිරිම (දෙවන කොටස)



අප්‍රේල් මස 19වන දින සිට 21 වන දින දක්වා එක දිගට දිවා රෑ නොබලා සම්බුද්ධ මන්දිරයේ ඉදිකිරිම් වැඩ වල නිරතවු අපි නිවෙස් බලා පැමිණ නැවතත් මැයි මස 03 වන දින පාන්දර 2.00 පමන වැල්ලවාය"මහආර" ගම බලා පිටත් උනේ ඉතිරි වැඩ කොටස් නිම කිරිම සදහායි.මේ හැම වැඩ කටයුත්තකදිම පුජනීය මාදෝවිට චන්දකිර්ති නායක ස්වාමින් වහන්සේ සහ තෙලුල්ල මහා විහාරාධිපති පුජනිය සුධම්ම නායක ස්වාමින් වහන්සේ ඉතා ගෞරවයෙන් සිහිපත් කලයුතුයි.




දෙවෙනි දවසේ වැඩ පටන් ගන්න කලින් කලින් ගහලා තිබුණු සැටලිම ගලවලා පියගැටපෙල හදන්න පටන්ගතත්තා


ක්‍රමයෙන් පියගැට පෙල නිම වෙද්දි බුද්ධමන්දිරය පුදුම අලංකාරයක් ගෙන දුන්නා


මුරගල් දෙකත් දෙපැත්තෙන් තිබ්බට පස්සේ පියගැටපෙලේ මුලික වැඩ අවසන්



පසුව සිද්ධඋනේ මල් ආසනයේ වැඩ අවසන් කිරිමයි


වැඩ නිමවුනු බුද්ධාසනය සහ මල් ආසනය


ගල්තලාව මතට පැමිණිමට පහසුවෙන්න ගල විදලා අත් වැලක් දාන්නත් සිද්ධ උනා


වැඩ නිමවුන අත්වැල


පහල සිට වෙනමම විදුලිය රෑහැන් පද්ධතියක් ඇදලා තමයි ගල්තලාවට විදුලිය ගන්න සිද්ධ උනේ

ගම්වාසින්ගෙන් ලැබුණු සහයෝගය වචනයෙන් කියලා නිමකරන්නේ බැ.බාල මහලු ,කාන්තා,වැඩිහිටි මේ හැමෝම උපරිම ශ්‍රමදායක්වයක් දුන්නා වගේ .අපි නතර වෙලා හිටිය හැම දවසකම ගමේ කැම බිම වලින්  ඔහුන් උපරිම විදියට අපිට සැලකුවා.ඔහුන් ගේ ආගන්තුක සත්කාරය අන්තිම ඉහලයි

දෙවෙනි දවසේ වැඩකටයුතු නිම උනේ එහෙමයි.




2 comments:

  1. ප්‍රධාන පන්සලේ ඉඳන් මෙතෙන්ට හුඟක් දුරද? ගමේ හැම කෙනෙක්ම හුඟක් මහන්සි වෙලා තියෙනවා.

    ReplyDelete
  2. නැ .ප්‍රධාන පන්සලේ සිට බැලුවාම මේ බුදු මැදුර හොදට පේනවා.ගමේ හැමෝම එකා වගේ වැඩ කලා

    ReplyDelete