Friday, December 12, 2014


ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යපෘතිය 
2 වන කොටස 
නිර්මාණකරුවන් තෝරාගැණිම සහ ප්‍රථම නිරික්ෂණ චාරිකාව


ඒ අනුව පළමුව සිදුවුයේ නිර්මාණකරුවන් තෝරා ගැනිමයි.එහිදි මුලික වටයේ සාකච්ජා කිහිපයක් කොළඹ දි පවත්වන ලද අතර මෙම සාකච්ජාවල මුලික අරමුණ වුයේ ඉහළ මළුවේ ස්ථාපිත කිරිමට යෝජිත ඝණ්ඨාර කුළුණ  දොළොස් මහේ පහන, කොප්පරා පහන,කැටයම් සහිත පියස්ස,වඩාත් යෝග්‍ය ස්වභාවික කළුගල් හා එවා සැපයිමට මෙන්ම ඇතිරිමට කොන්ත්‍රාත් කරුවන්  සොයා ගැනිමයි.

ඒ අනුව නිර්මාණකරුවන් හා කොන්ත්‍රාත් කරුවන් කිහිපදෙනෙක් අතුරින් ඝණ්ඨාර කුලුණ නිර්මාණය කිරිමට අති දක්ෂ කළුගල් නිර්මාණ ශිල්පියෙකු වු මිනුවන්ගොඩ අතුල මහතාත් දොළොස්මහේ  පහන සහ කොප්පාරා පහන නිර්මාණය කිරිමට රත්නපුර ලෙල්ලුපිටියේ කසුන් හේවගේ මහතාත් ,කිලෝ 500කට වඩා අධික බරින් යුක්ත ඝණ්ඨාරය නිර්මාණය කිරිම සදහා පළපුරුදු නිර්මාණ ශිල්පියෙකු වු මොරටුවේ පිලිප් ගාවින් මහතාවත් තෝරාගන්නා ලදි.

ස්වභාවික කළුගල් තෝරාගැනිමේදි අපට ඉමහත් වෙහෙසක් දරන්නට සිදුවුයේ ශ්‍රීපාදාස්ථානාධීපති නාහිමියන් සැපයයුම් කරුවන් ඉදිරිපත්කල නියැදි විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කල හේතුවෙනි. අවසානයේ නියම ස්වභාවික නියැදිය ඉදිරිපත් කළ අවිස්සාවේල්ලේ විජිත ගල් කැටයම් ආයතනයට එම ගල් සැපයිමටත් සලපතල මළුවේ ඒවා ඇතිරිමටත් භාර දිමට ඒකමතිකව තිරණය කළෙමු.

ඓතිහාසික ඇම්බැක්කේ ලී කැටයම් ගුරු කර ගනිමින් සම්පුර්ණයෙන් දැවයෙන් නිම කිරිමට යෝජිත පියස්ස නිර්මාණය කිරිම සදහා තවත් අති දක්ෂ කැටයම් නිර්මාණ ශිල්පියෙකු වු ගම්පහ වතුරුගම තිලකරත්න මහතා වෙත භාර දිමටද මෙහිදි අවසන් තිරණ ගනු ලැබිණ.

විශේෂයෙන්ම ශ්‍රිපාද භාරකාර නාහිමියන්ගේ එකමතික තිරණය වුයේ මෙම සංවර්ධන ව්‍යාපෘතියෙන්  ශ්‍රිපාද කන්ද ආශ්‍රිත අවට ස්වභාවිකත්වයට අබමල් රේණුවකවත් හානියක් නොවිය යුතු  බවය

මෙම සියලු කටයුතු සුදානම් කිරිමෙන් අනතුරුව ඊළග කාර්යය වුයේ මෙම නිර්මාණයන් ඉදිකරන ස්ථාන නිරික්ෂණය කිරිමයි ඒ අනුව 2012 වසරේ නොවැම්බර් මසස 26 වන දින ඉල් පොහෝ දින අවාරේ ශ්‍රිපාද කන්ද කරුණා කිරිමේ අදහසින් ඊට පෙර දින තුසිත විජයසේන මහතා, සේනානායක බණ්ඩාර මහතා සහ මාද තවත් කොන්ත්‍රාත් කරුවන් උපදේශකයින් ඇතුළු 30 දෙනෙකුට ආසන්න පිරිසක් කොළඹින් පිටත් වන්නට විය.මේ ගමනේදි හිටපු  බස්නායක නිලමේ වීරසේකර මහතාත්,විදුලි බල මණ්ඩලයේ රත්නපුර කාර්ය්‍යාලයේ ඉංජිනේරු මහත්වරු සහ  ලක්ෂපාන යුද හමුදා කදවුරේ අණදෙන නිලධාරි කර්නල් ළලන්ත ගම්ලත් මහතා, මවුස්සාකැලේ යුද හමුදා කදවුරේ කපිතාන් ධම්මික මහතා ඇතුළු යුද හමුදා නිලධාරින් කිහිපදෙනෙකුම සහභාගි විය










මේ ගමනේදි අදාළ ඉදිකිරිම් ස්ථානගත කරන අකාරයත්  වෙනස් කල යුතු අංගයන්ද අවශ්‍ය කරන භාණ්ඩ නිර්ණය කිරිම ඇතුළු මුලික මිනුම් කටයුතුද සිදුකරන ලද අතර දැනට තිබෙන දොළොස් මහේ පහන ,ඝණ්ඨාර කුළුණ හා සලපතල මළුව අභාවයට ගොස් ඇති අයුරුත් නිරික්ෂණය කෙරුණි. ඒ අනුව එදින නිරික්ෂණ චාරිකාට  සහභාගි වු සියලුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රථම සාකච්ජාව සිදුකරනු ලැබුවේද උතුම් වු  ශ්‍රීපාද සලපතල මළුවේදිමය

මෙම නිරික්ෂණ චාරිකාව අවසන ඒ ඒ කොන්තරාත් කරුවන් තමන්ට අවශ්‍ය ඉදිකිරිම් ද්‍රව්‍ය  හා එවායේ මිලගණන් ඉදිරිපත් කරන ලද අතර මුලික වශයෙන් කළුගල්  5239 සිමෙන්ති කොට්ට 200 ක් හා වැලි කියුබ් 06 ,කොන්ක්‍රිට් ගල් කියුබ් 02 අවශ්‍ය බව (මේවා මුලික වශයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය පමණි)අප වෙත දන්වා සිටියා.ඒ අනුව මිළග භාරදුර කාර්ය වුයේ මේවා ඉහළ මළුව වෙත ගෙන යාමයි. මෙය අති දැවැන්ත අභීයෝගයකි.

ඒ අනුව ප්‍රථම වරට 2012 දෙසැම්බර් 17 වන දින කළුගල් 409 ක් ඉහළ මළුවට යුද හමුදා සෙබළුන්ගේ  කර මතින්  ගෙන යන ලද අතර මේ සදහා දින ගණනාවක් ගත වන්නට විය.මන්ද එක කළුගලක් කිලෝ ග්‍රෑම් 07 පමණ බරකින් යුක්ත විම නිසා එක වර විශාල ගල් ප්‍රමාණයක් ගෙන යාමට අපහසු විම හේතුවෙනි. මෙම කළුගල් ප්‍රමාණය දින 04 ක පමණ කාලයක් වැඩ කිරිමට සැහෙන නිසා වෙනත් විකල්ප ක්‍රමයක් වෙත යාමට සිදු විය

Tuesday, November 25, 2014

ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යපෘතිය

                                                     
ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යපෘතිය (01කොටස)

පෙරවදන

ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය අවසන්කර වසරක් සපිරෙන්න ආසන්න වුවත්  එම ව්‍යාපෘතිය සිදුකළ අකාරය ගැන ලියා තබන්න කිහිප විටක් උත්සහ කළත් දහසකුත් රාජකාරි නිසා දිනෙන් දින ඒ අවස්ථාව මගහැරුණා. එත් මාගේ ආයතන ප්‍රධානියාගේ ඉල්ලිම මත එම ව්‍යාපෘතිය වෙනුවෙන් සැකසෙන වාර්තාමය සගරාවකට අදාළ ව්‍යාපෘතිය පිළිබද මුල සිට අග දක්වා සිදුවීම් සවිස්තරව ලිපියක් සැකසිමට අවස්ථාව ලැබුණා. අද දින සිට එම ලිපිය කොටස් වශයෙන් ඔබ වෙත ගෙන ඒමට මා අදහස් කළා.




ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේදි මණි අක්ඛිය නා රජුගේ අරාධනය අනුව ලංකාවට තෙවන වරට වැඩම කල අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ අරාධනයෙන් සමනොළ ගිර  මුදුනේ තම වම් පා සලකුණ පිහිටුවාලු බව ඉතිහාසයේ දැක්වේ. අසම සම වු මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වු සමිමා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මය මගුල් ලකුණු 108 කින් යුක්ත වන අතර සමන් සුරිදුගේ ඇරයුමින් වම් ශ්‍රීපාදය ඉන්ද්‍රනීල මාණික්‍යය මත පිහිටවු  බව බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ.

පළමු හා දෙවන පරාක්‍රමබාහු රජවරු ,කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, වළගම්බා රජතුමා, විමලධර්ම රජතුමා සහ නිශ්ශංක මල්ල රජතුමන් වැනි රජවරුන් විසින් ඉතා ගෞරවයෙන් ආරක්ෂා කළ මෙම පුද බිමේ මහා මේඝවර්ණ රජතුමාගේ පුත් රාජ්‍යත්වයට පත්ව සමන් සුරිදුන් උදෙසා දෙවොලක් නැනු බවද ශිලා ලේඛන වල සදහන් වේ. එදා මෙදා තුර වසර දහස් ගණනක් තිස්සේ අතිපුජනීය ස්ථානයක් බවට පත්වු ශ්‍රීපදාස්ථානය වර්තමානය වන විට ලෝක උරුමයක් ලෙසද පිළිගෙන ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 7360 උසින් පිහිටි සමනල ගිර කරුණා කිරිමේ තිබේන දුෂ්කරතාවය නිසාම කදු මුදුනේ ඉදිකිරිම් සිදුකිරිම ඉතා අපහසු කාර්යක් වි ඇති අතර සමහර ඉදිකිරිම් ප්‍රමිතියෙන් තොරවු මෙන්ම පුජනීය ස්ථානයකට නොගැලපෙන ඉදිකිරිම්ද සිදු කර තිබෙන නිසා මෙම ස්ථානය ක්‍රමයෙන් අභාවයට යන ලකුණු පහළ වි තිබුණි. ඉතාමත් දිර්ඝ කාලයක් තිස්සේ මෙම පුදබිම සංවර්ධනය කළයුතු යැයි යන දැඩ් අදිෂ්ඨානයෙන් සිටි තුසිත විජයසේන මහතාට එම අධිෂ්ඨානය මල්එල ගැන්විමට අවස්ථාව පෑදුණේ  කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝාදිනායක ගලබොඩ ඥානිස්සරාභිධාන පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් විමෙනි.උන්වහන්සේ මගින් රත්නපුර මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතාගේ සහයෙන් ශ්‍රීපාදාස්ථානාධීපති  අති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මුණ ගැසුණු තුසිත විජයසේන මහතා සහ එම මැතිනිය තමන් කලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රීපාද සංවර්ධන ව්‍යපෘතිය පිළිබද දිර්ඝ ලෙස සාකච්ජා කරන්නට විය.

එහිදි එතුමා පොළොන්නරු යුගයේ මහ විජයබා රජතුමා විසින් කරවා තිබු සහ ඉන් පසු කලෙක විවිධ ශාසන ලැදි පුද්ලගලයින් විසින් ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුණු සලපතල මළුව හා ඒ අවට ඇති ප්‍රාකාරය පෙර පරිදිම කළුගලින් නිර්මාණය කරන ලද දෙළොස් මහේ පහනක් සහ කොප්පරා පහනක්ද එවා වටා බැදි අලංකාර පියැසි දෙකක් ද සමග කළුගලින් නිමවන ලද ඝණ්ඨාර කුළුණක් සහිත පිත්තල වලින් නිමවන ලද ඝණ්ඨාරයක් සහ අති නවිනතම විදුලි ආලෝක පද්ධතියක් සවිකිරිම පිළිබදවත් නාහිමියන් ඇතුළු පිරිස දිර්ඝ ලෙස සාකච්ජා කරන්නට විය.

සාකච්ඡාවෙන් අනතුරුව තුසිත විජයසේන මහතාගේ මෙම අවංක උත්සාහය පිළිබදව අතිශය පැහැදි  මින් පෙර දිවයිනේ වෙහෙර විහාරස්ථාන වලට එතුමා කර ඇති අවංක ශාසනික සේවය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කල ශ්‍රීපාදාස්ථානාධීපති නාහිමියන් මෙම ව්‍යාපෘතිය පිළිබද තමාගේ අශිර්වාදය උපරිමයෙන් ලබාදෙන බව ප්‍රකාශ කළහ.

කවදත් අති දැවන්ත අභියෝග භාරගත් තුසිත විජයසේන මහතා මෙම උතුම් පුණ්‍ය කර්මය අවංක චේතනාවෙන් හා දැඩි අධිෂ්ඨානයෙන් මෙන්ම දැඩි භක්තියකින් බාරගනිමින් ප්‍රථමයෙන් සිදු කල කාර්ය වුයේ මෙම ව්‍යාපෘතිය සදහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනිමයි. මෙහිදි ප්‍රථමයෙන්ම තෝරාගනු ලැබුවේ තුසිත විජයසේන මහතා ගේ සමිපතම මිත්‍රෙයකු මෙන්ම මේ කාර්යන් පිළිබද හසළ දැනුමක් ඇති රජයේ හිටපු නියෝජ්‍ය තක්සේරුකරු ,අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් ජේ . එම් සේනානායක බණ්ඩාර මහතායි.විජයසේන මහතා මෙන්ම ඕනැම අභියෝගයක් භාරගැනිමේ හැකියාවක් ඇති එතුමා  මෙම ව්‍යාපෘතිය භාර ගත්තේ අසිමිත භක්තියකිනි.

පෙර කල කුසල් වල බල මහිමයකින් දෝ මේ ව්‍යාපෘතිය සදහා සම්බන්ධිකාරක වරයකු ලෙස මා පත් කළ තුසිත විජයසේන මහතා මේ ව්‍යාපෘතිය පිළිබද හා එතුමාගේ මුලික සැලසුම් අප වෙත පැහැදිලි කරනු ලැබුවා. එතැන් පටන් මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන යාමේ වගකිම හිමි වුණේ සේනානායක බණඩාර මහතාටත් මටත් ය.