Tuesday, September 10, 2013

දියණියේ......




මවුපිය සෙනෙහස අහිමිව
මා තුරුළට පැමිණියදා
සපථ කළෙම් දිවිහිමියෙන්
සුරකින්නට ඔබ

ඒත් දියණියේ......

හි‍තේ කොතැනකවත්
අහිතක් නොමැතිවයි
ඔබ‍ට සැර කළේ
විසල් ලෝකයේ
රුදුරු සතුරන්ගෙන්
රැක ගන්නයි‍ සෙනෙහසින්

ඔබේ දෙ‍නෙතින් ගලායන
කඳුළු කැට දැක
ඔබට හොරා මගේ හදවත
වැළපෙයි
ඒත් දියණියේ......

දයාබර සැමියෙකු අතදරා
නෑකුල පිරිස සමග
ඔබ දීගෙක යන තෙක්
අනේක දුක් දරා
ඔබ සුරකින්නට
මගේ යුතුකම ඉටුකරන්නට
කැපවෙම් නිරතුරු.............
මා
මා සදාදර
ඔබේ
......බාප්පොච්චා........