Saturday, June 8, 2013

සම්බුද්ධ මන්දිරය විවෘත කිරිම

දින හතක් වැනි කෙටි කාලයක් තුල දිවා රෑ නොබලා වෙහස මහන්සි වි ඉදිකරන ලද සම්බුද්ධ මන්දිරය 2013-06-01 දින විවෘත කලා.තෙලුල්ල මහා විහාරයේ තැන්පත් කර තිබු බුද්ධ ප්‍රතිමාව දර්ශණිය මල් පෙරහැකින්  ගමවටා සංචාරය කොට "මහ ආර" පන්සලට වැඩම කරනු ලැබුවා.එදින රාත්‍රියේ සිට පසුදා පහන් වනතුරු පැවැති පිරිත් දෙසුමෙන් අනතුරුව පසුදා උදැසන සංඝගත දක්ෂිණාවක්ද පැවතුනා.ජුනී මස 01 වෙනි දින උදැසන 11.05 යෙදුනු සුභ මොහොතින්  බුද්ධ ප්‍රතිමාව තැන්පත් කලා. මිට සමගාමිව එම විහාරස්ථානයේ දහම්පාසැලේ දරු දැරියන් 143 දෙනෙකුට නිල ඇදුම් රෙදි ප්‍රධානය කලා.

තෙලුල්ල මහ පන්සලේ තවකාලිකව තැන්පත් කල බුදු පිලිම වහන්සේ


අලංකාර කරන ලද කැබ් රථය තුල පිලිම වහන්සේ තැන්පත් කරමින්


පෙරහැරේ විවිධ අවස්ථා











 පිරිත් මණ්ඩප්පය




 බුදු පිලිමය තැම්පත් කිරිමට ප්‍රථම


                          සුභ මොහෙතින් පිලිම වහන්සේ තැන්පත් කරවිමට මිනිස් කර මතින් වැඩම කරද්දි







සුභ මොහොතින් තැන්පත් කල පසු


                                                දහවල් බුද්ධ පුජාව තැන්පත් කල පසු


                                                  ස්වභාවික මල් සැරසිලි වලින් අලංකාර වි




මා වසර ගනනක් සිට දුටු සිහිනය සැබැවි

                                                             ප්‍රථම ගිලන් පස පුජාව


රාත්‍රියේදි ඉතා අලංකාරයෙන් බැබලුනු බුද්ධ මන්දිරය





ජිවිතේ මා දුටු  සිහිනය ඉතා වෙර වැයමෙන් ඇත දුෂ්කර දුක්විදින ජනයාගේ වන්දනාමාන කිරිම උදෙසා බුද්ධ මන්දිරයක් ඉදිකර දිමෙන් බුදු සසුනේ එන අට මහ කුසලෙන් එක් කුසලයක් සපුරාලනු ලැබුවෙමි.
මහපොලව සමග හැපි මහපොලවත් මතම මියයන අහිංසක දුප්පත් ජනයා වෙනුවෙන් මෙම බුද්ධ මන්දිරය ඉදිකිරිමට ලැබිම මම ඉමහත් භ්‍යාගයක් කොට සලකමි.මේ සදහා වචනයෙන් පවා මට සහයොගය දුන් සියලුම දෙනාට පිං.

6 comments:

  1. බොහොම සන්තෝශයි අයියේ... අයියට පිං...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි නුවා මල්ලි

      Delete
  2. දෑස කඳුළින් පිරුනා මේ සටහන දැකලා, මල්ලී . ඔබේ යහපැවතුම් සැමදා ඔබතුල රැදේවා! මෙ පින් බෙලෙන් කිසිදා දුකක් කරදරයක් නොවේවා! අපි තිස්ස කතරගම මාර්ගයේ 7 කනුව අසල පන්සලකත් මේ විදිහට විහාරයක් හැදුවා. ඒ වාගේම සතුටක් දැනුනා මේ සටහන දැකලා.

    ReplyDelete
  3. ඊලග සැරේ කතරගම යනකොට මතක ඇතිව ඒ පන්සලත් බලන්න යන්නම් අක්කා

    ReplyDelete