Tuesday, June 11, 2013

දෙසා වදහල මැනවි .........

දෙසා වදහල මැනවි .........





මහපොළව මත ඉපද 
මහපොළ සමග පොර බැද
මහපොළොව මතම මියැදෙන
අනේක දුක් විදවනා
දනන් වෙනුවෙන්

භවබෝග නසාලන
රුදුරු වන සතුන්ගේ
සරදමට හසු වෙමින්
දහස්වර විදවමින්
ගෙවන ජිවිතය වෙනුවෙන්

දුක්විදින ජිවිතයේ 
අනියත බව පසක් කරනට
කටුක ගල්තලාව මතට
සමාධි සුවයෙන් වැඩම කල
බුදු හිමියනි..........

විදවනා ජිවිතය නිමා කර
සසර කතරින් එතෙර වෙන්නට
මෙත් සිසිල් කරුණා ගුණය පා
දෙසා වදහල මැණවි බුදු බණ..........



1 comment:

  1. බුදු හිමියන් වඩින තෙක් ම බලා නොහිද කුසල් රැස් කර අවබෝධයෙන්ම සතර අපායෙන් මිදෙමු.

    ReplyDelete