ශ්‍රිපාද
සංවර්ධන ව්‍යාපෘතිය- (පළමු කොටස)
ගිය වසරේ
ඕක්තෝබර් මාසයේ දිනක මගේ රෑකියා ආයතනයේ සභාපති තුමා මා කාර්යාලයට කැදවා.
“නුවන් ශ්‍රිපාද සංවර්ධන ව්‍යාපෘතිය කියලා ලොකු පිංකමක් අපි පටන් ගන්න යන්නේ
මේකේ පලමු අධියරයට ලක්ෂ 200 විතර යනවා ඔයාට පුලුවන්ද මේ ව්‍යාපෘතිය බාර අරගෙන
කොර්ඩිනේටින් ඔපිස විදියට වැඩ කරන්න”
මමත් ඉතින් අයේ දෙපාරක් හිතුවේ නැ පැනපු ගමන් “හා සර් කිව්වා”
එත් සභාපතිතුමා ව්‍යාපෘතිය පිලිබද විස්තර කරන් යනකොට තමයි
තේරුනේ මේක දැවන්ත අභියෝගයක් කියලා
01 මුලු උඩ මලුවම ස්වභාවික කලුගල් ඇතිරිම
02 තනිකර කලුගලින් නිමවන ලද දොලොස් මහේ පහනක් ඉහල මලුවේ
ස්ථාපිත කිරිම
03 කලුගලින් නිමවන ලද කොප්පරා පහනක් ස්ථාපිත කිරිම
04 එම දෙලොස් මහේ පහනට හා කොප්පරා පහනට වටිනා දැවයෙන් අලංකාර කැටයමින්
යුක්ත පියස්සක් ස්ථාපිත
කිරිම
05 තනිකර කලුගලින් නිර්මානය කරන ලද අඩි 11 පමණ උස ඝන්ඨාර කුලුණක් නිර්මානය
කිරිම
06 නවිනතම විදුලි ආලෝක පද්ධතියක්
නිර්මානය කිරිම
මේ සියල්ලම සදහා
සිමෙන්ති කොට්ට 200
වැලි කියුබ් 08
කලුගල් 5000
කොන්ක්‍රීට් ගල් කියුබ් 02
මුලික වශයෙන් ශ්‍රිපාද කන්ද මුදුනට
යැවිය යුතු වුනා
අලුත් අභියෝග වලට මුණ
දෙන්න කැමති මම මේ අභියෝගෙත් බාර ගත්තා
ඒ අනුව 2012 නොවැම්බර්
මස 26 වන පෝය දින සභාපති තුමා,මම ඇතුලු කාර්යාලයේ තව සගයන් කිහිපදෙනෙක් කොන්තරත්
කරුවන් ,උපදේශකයන් ඇතුලු 40 කට ආසන්න පිරිසක් ප්‍රථම වරට අවාරේ ශ්‍රිපාද කරුනාව
සදහා නිරික්ෂණ චාරිකාවට එකතු උනා
මේ අපේ ගමන් රථය

අපි ගියේ ලක්ෂපාන හරහා අතර මග හමුවන ඩබල් කඩේ හංදියේ ලංකවේ එකම 0 බිංදුවේ කනුව
අතරමග හමුවන මවුස්සා කැලේ ජලාශය අසල ඇති බුද්ධ මන්දිරය.මේතන ලස්සන සමන් දේවාලයකුත් නියෙනවා
අපි නතර වෙලා හිටිය වත්සලා හෝටලයට ශ්‍රීපාදය පෙනුන හැටි
පහුවදා උදෙන්ම අපි ශ්‍රීපාදය තරණයට සුදානම් උනා.එහිදි අපිට සුවිශේෂි සහයෝගයක් යුධ හමුදාවෙන් ලැබුනා
පටන්ගන්න ගමන් හම්බවෙන්නේ නාගදිපේ විහාරය
අවාරේ පාලුවට ගොස් ඇති විශ්‍රාම ශාලා
වසා දමා ඇති කඩකාමර
අතර මග හමුවන රතු පාලම
සාම විහාරය ආසන්නයේ ඇති විදේශිය කාන්තාවක් විසින් පරිත්‍යාග කරන ලද ඝන්ඨාරය


අවට සුන්දර පරිසරය
![]() |


අවට සුන්දර පරිසරය


අවාරේ පාලුවට ගොස් ඇති මහගිරිදඹ හා ඉදිකටු පාන
පළමු වතාව නිසා ටිකක් අමාරුවෙන් තමයි මහ මළුවට ලගා වුනේ
එදා පෝය දවසක් නිසා සිරිපා කුටිය විවෘත කරලා තිබ්බා.අවාරේ නිසා මෙහෙම පොටෝ එකක්
සිරිපතුලේ ගන්න පුලුවන් උනත් වාරේට නම් මෙහෙම පෝටෝ ගැනිම තහනම්.
ජරාජිරනව ඇති දොලොස් මහේ පහන
මේ අනුව මෙම සංචාරයේදි අවශ්‍ය කරන මුලික නිරික්ෂණ කරනු ලැබු අතර ඉදිරි වැඩ කටයුතු කරන අයුරු සැලසුම් කරනු ලැබුවා.මේ ගමනේදි රත්නපුර සමන් දේවාලේ බස්නායක නිලෙමේතුමා,ලක්ෂපාන යුධහමුදා කදවුරේ කර්නල් ගම්ලත් මහතා,මාවුස්සාකැලේ හමුදා කදවුරේ කපිතාන් ධම්මික මහතා ලබා දුන් සහොයෝගය ගෞරවයෙන් සිහිපත් කල යුතුයි.
මේ අනුව මෙම සංචාරයේදි අවශ්‍ය කරන මුලික නිරික්ෂණ කරනු ලැබු අතර ඉදිරි වැඩ කටයුතු කරන අයුරු සැලසුම් කරනු ලැබුවා.මේ ගමනේදි රත්නපුර සමන් දේවාලේ බස්නායක නිලෙමේතුමා,ලක්ෂපාන යුධහමුදා කදවුරේ කර්නල් ගම්ලත් මහතා,මාවුස්සාකැලේ හමුදා කදවුරේ කපිතාන් ධම්මික මහතා ලබා දුන් සහොයෝගය ගෞරවයෙන් සිහිපත් කල යුතුයි.
මං එක.
ReplyDeleteඅවාරෙ තිබ්බ කුණුගොඩද අර? මදැයි. ඕවා දවස ගානෙ සුද්ද කරන වැඩ පිළිවෙලක් තිබුණනම් වාරෙ ඉවර වෙනකොට සිරීපාදෙ ස්වභාවික ලෝකයටම ඇරුණු තැනක් කරන්න තිබුණා.
අනුශාසකතුමියට පිං.
Deleteමට දැනුනු ලොකුම කනගාටුව තමයි ඔය කුණු කන්දල් ටික.ප්ලාස්ටික් බෝතල්,පොලිතින් බැග් අතිවිශාල ප්‍රමාණයක්.අපේ මිනිස්සුන්ට බැරි ඇයි තමන් ගෙනියන දේ ආයෙත් ගෙන්න.මේ ලෝක උරුම තැන විනාශ කරන්නේත් අපේ මිනිස්සුම තමයි
මේ ව්‍යාපෘතියට බොහෝ පින්. මිනිසුන්ගේ අවිචාරවත් ක්‍රියා නිසාමයි පරිසරය විනාශ වෙන්නෙ. කුඩා කල සිටම මේ පුරුදු අපි ඇති කරන්න ඕනෙ දරුවන් තුල. හොදට ලොකු මහත් වෙච්ච අයමනෙ මේ දේවල් කරන්නෙ.
ReplyDeleteඔව් අක්කා.සිංහලයෝ විදියට අපි ලැජ්ජා වෙන්න ඕනේ මේ ගැන
ReplyDeleteබොහෝම අගේය නුවන් මල්ලී, ජීවිතය කියන්නේ සාමාන්‍ය නොවන අභියෝග භාර ගැනීමයි. ඒ අතරින් මේ සද්ක්‍රියාවට දායක වීමට ලැබීම ගැන ඔබට අදට වඩා ඉදිරි කාලයේ දී දැනෙන පහන් හැඟීම වචනයෙන් කියන්න බැරි තෘප්තියක් වේවි අනිවාර්යයෙන්ම.
ReplyDeleteදුර්ලභ ගණයේ පිංතූර එකතුවට බොහෝම ස්තුතියි.
බ්ලොග් පොස්ට් සකසා පළකිරීමට පෙර සුබස සේවාව මගින් අකුරු විනිස පරික්ෂාව කරගන්න පුළුවනි, ඉන් ලිවීම තවත ලස්සන වෙනවා.
සුබස සඳහා ලින්ක් එක:
http://subasa.ambitiouslemon.com/spellerweb.py
අයියා ඔයාට ගොඩාක් පිං මාව දැනුවත් කලාට
Delete