Friday, June 7, 2013

සම්බුද්ධ මන්දිරය ඉදිකිරිම (පළමු කොටස)

 සම්බුද්ධ මන්දිරය ඉදිකිරිම (පළමු කොටස)
මගේ ජිවිතේ තිබුණු ලොකු හිනයක් තමයි බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් මම දුක්මහන්සියෙන් උපයාගත් ධනයෙන් පවතින යමක් කිරිම.ඒ සිහිනය සැබැ කරමින් ශ්‍රීපාද ව්‍යාපෘතියේ සම්බන්ධීකරන නිලධාරියා විමට ලැබුනු පින නිසාම එම ව්‍යාපෘතියේ උපදේශක මහතානන් වු අගමැති සම්බන්ධ්කරන ලේකම් සෙනරත් බන්ඩාර මැතිතුමා වාර්ශිකව ඔහුගේ පුද්ගලික ධන පරිත්ත්‍යගයෙන් සිදු කරන දුෂ්කර පන්සල් සදහා බුදු පිලිම බෙදාදිම ව්‍යාපෘතිය යටතේ මටත් බුදු පිලිම වහන්නසේ නමක් ලැබුනා.ඒ අනුව කොළඔ සිට කිලෝ මිටර් 300 ආසන්න දුරකින් පිහිටි මොනරාගල දිස්ත්රයක්කයට අයත් " මහආරගම" නම් අති දුෂ්කර ගම්මානයේ ආර්ථික අපහසුතා වලින් සහිත පන්සලක බුදු මැදුරක් ඉදිකිරිමටත් මාත් මගේ දායාබර මැණියනුත් තිරනය කලා.මුලික ස්ථාන පරික්ෂාවෙන් පසු 2013-04-19 වන දින බුද්ධ මන්දිරයට මුල් ගල තිබ්බා.ඒ අවුරුදු නිවාඩුව නිසා අප්‍රෙල් 19 සිට 22 දක්වා එක දිගටම දවස් 4 ක් උදේ 8 සිට රාත්‍රි 12 පමණ වන තෙක් අපි එක දිගටම වැඩ කලා.ගල් වැලි සිමෙන්ති හැරුණු විට මේසන් බාස්වරුන් ඇතුලු අනෙක් අවශ්‍ය සියලුම දේ කොලබින් ගෙන ගියා.වන අලියන් ඉද හිට ගැවසෙන මේ ප්‍රදේශයේ මදුරුවන් නම් අපිට පුදුම විදියට වද දුන්නා.

 ගමන අතරමග හමුවන තෙලුල්ල පන්සල අසල වු වැව


 විශාල කඹුක් ගස


 සම්බුද්ධ මන්දිරය ඉදිකල ගල් තලාව


 සම්බුද්ධ මන්දිරය ඉදිකල ගල් තලාව (පහලට ලොකු පල්ලමක් තියෙන්නේ)


මුල්ගල තියන්න පෙර සුභ මොහොතින් පහන දල්වමින්



 අමාරුම උනේ බිම ලේවල් කරගන්න


ගමේ ලොකු කුඩා හැමොම ගොඩාක් මහන්සි උනා


ගල් තලාවේ මන්දිරය ඉදිවෙද්දි පහල මන්දිර වහල හැදුනේ මෙහෙමයි 

 
ගල් තලාව පහලට පෙනෙන අයුරු


                                                 ගල් තලාව පහලට පෙනෙන අයුරු



 ටිකෙන් ටික ඉදිවෙන අයුරු



 
අපි ගොඩාක් රෑ වෙනකන් වැඩ කලා

 පියගැටපෙල නිර්මාණය වෙමින්



වහලේ වැඩ සිදු වෙමින්


සුභ මොහොතින් වහලේ තියන්නයි සුදානම


එකමුතු කමේ ජයග්‍රණය
පලමු දින තුනේදි මුල්ගල තැබිමේ සිට වහලය නිම කිරිම දක්වා සිදු කලා

8 comments:

  1. අර වහළ ඔසොවාගෙන යන දර්ශනය දැක්කහම මතක් වෙන්නෙ, කූඹි හමුදාවක් තමන්ගෙ ප්‍රමාණෙට වඩා විශාල කොළයක් උස්සගෙන යන ආකාරය. සාමූහිකත්වයේ ප්‍රතිපල.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් චන්දිමා එහෙ මිනිස්සුන්ගෙන් පුදුම සහයෝගයක් අපිට ලැබුනා

      Delete
  2. aganagarayata boho dura aetha gammanayaka .... neka duk vidimin jivitha geta gasa ganna duppath minisunge denethata subha dasunak...sithata pahanbavak denavimata ....tharuna oba gath uthsahaya athtatama harima uthum kriyavak.oya vage putek lada ammath pinvantai.mage malliyekvimath mata sathutak. AMITHA AKKA.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් නිහතමානිව අප අතර සිටින ඔයාට ගොඩාක් පිං අමිතා අක්කේ.

      Delete
  3. ඔබේ යහපැවතුම් සැමදා ඔබතුල රැදේවා! මෙ පින් බෙලෙන් කිසිදා දුකක් කරදරයක් නොවේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් පිං චාන්දි අක්කා

      Delete
  4. මේ පිංතූර, විස්තර මුලින්ම වත්පොතින් දකිද්දි ඇති වුනේ වචන කරන්න අමාරු ගෞරවනීය හැඟීමක්. මේ පිං බලෙන් ඔබ හැමගේ ජීවිත ආලෝකමත් වේවා නුවන් මල්ලී.

    ReplyDelete
    Replies
    1. හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාටත් ගොඩාක් පිං ඩ්න් අයියා

      Delete