Friday, June 28, 2013

රතු එළිය වැටෙන තුරු

රතු එළිය වැටෙන තුරු



දෝත පාමින් සිගමන් යදිමින්
බලා සිටිමි මා, ඇසිපිය නොහෙළා
රතු එළිය වැටෙන තුරු

   වමට දකුණට හරහට පහළට
ගිය මගේ ජිවිතය
නැවතී ඇත මෙසේ
සතර මං හංදියක

එපා රවා බලන්නට
සෙනෙහබර මහතුනේ
දිරාගිය මගේ ගතට
වෙන කුමක් කරන්නද?

පොඩි පුතා වැලිකඩ
ලොකු පුතා බෝගම්බර
උන්ගෙ පවුල් රකින්නට
දෝත පානෙමි ඔබට

මහලුව වැහැරුණත්
සරි කරමි කෙසේ හෝ
උන්ගේ කල දවස මා
වැටෙන තුරු හෙට දිනයේ

ජීවිතයේ රතු එළිය.......

1 comment:

  1. දරුවන්ගේත් දරුවන් රකින්නේ මේ මං...
    මාලිනී බුලත්සිංහලගේ හාමුදුරුවනේ දනක් බෙදන්නට සිංදුව මතක් වුනා.

    මිත්තණිය ජීවිත ජීවත් කරවීමට රතු එළිය යදින්නි,
    ජීවිතයෙන් නිදහස්වීමට රතු එළිය බලන්නි...

    ReplyDelete