Tuesday, June 25, 2013

ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතිය - 4 වන කොටස (ඉදිකිරිම් ද්‍රව්‍ය ඉහල මලුවට ගෙනයාම)

ඉදිකිරිම්  ද්‍රව්‍ය ඉහල මලුවට ගෙනයාම

                 මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමේදි අපට තිබු දැවැත්තම අභියෝගය වුයේ ඉදිකිරිම් ද්‍රව්‍ය ඉහළ එබ මලුවට ගෙනයාමයි. කි.මි 07 ක පමණ දුෂ්කර මගක් ඔස්සේ ඉහල මලුව වෙත ගෙන යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.කලුගල් 5000,වැලි කියුබ් 07,සිමෙන්ති කොට්ට 200, හා ක්‍රොන්ක්‍රීට් ගල් කියුබ් 02  ගෙනයා යුතු අද්‍රව්‍ය අතර විය
                                             යුද හමුදාවේ කොත්මලේ කදවුරේ අණදෙන නිලධාරි කර්නල් ගම්ලත් මහතාත් මවුස්සාකැලේ කදවුරේ අණදෙන නිලධාරි ධම්ම්ක මහතාත් ඔහුන්ගේ කදවුරු වල සිටින හමුදා සෙබලුන් මාර්ගයෙන් කලුගල් 250 කට අධික ප්‍රමාණයක් ඉහල මලුවට ගෙනගොස් තිබුණත් වැඩ ආරම්භ කිරිමේදි එම කලුගල් ප්‍රමාණය ප්‍රමානවත් නොවිනි.ඒ අනුව මේ අවස්ථාවෙදි අපිට ඉතාමත් සුවිශේෂි සහයෝගයක් දිමට ඉදිරිපත් වුයේ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ආනන්ද පීරිස් මහතායි.අපගේ අවශ්‍යතාව සැලකර සිටි වහාම ඔහු කිසිම පැකිලිමකින් තොරව සතියකට සිවිල් ආරක්ෂක සෙබලුන් 100 දෙනා බැගින් සියලුම කලුගල් උඩමලුව වෙත රුගෙන යනතුරුම ලබාදෙන්නට පොරොන්දු වු අතර පසුදා සිටම එය ක්‍රියාවට නංවන්නට කටයුතු සම්පාදනය කර දෙන ලදි.එ අනුව මොහුන් සදහා කැම බිම, නවාතැන් සියල්ල අප විසින් සංවිධානය කර පිළියෙල කල අතර 2012 දෙසැම්බර් මස 20 වන දින ප්‍රථම බට කණ්ඩායම  පොලිස් පරික්ෂක මනොජ් මහතාගේ නායකත්වයෙන් නල්ලතන්නියේ සිත ගගුල අසල "ඩැල්සි හවුස්" තානායමේ නවාතැන් ගන්නා ලදි.
මෙම තානායමේ පහසුකම් අවම මට්ටමේ පැවතියත් සිවිල් ආරක්ෂක භටයන් එ සියලු දුක් ගැහැට විදගනිමන් අපිට උපරිම සේවයක් සලසා දෙන්න ගත් කැපවිම වෙසෙසින්ම අගය කල යුත්තකි.





                                                 ඉහල මලුවට ගෙන යා යුතු කලුගල් ටයිල්

                                                                 
                                      නල්ලතන්නියෙන් ගමන් අරබන සිවිල් ආරක්ෂක සෙබලුන්





                                      
                                     පොලිස් පරික්ෂක මනොජ් මහතා තම සගයන් දිරිගන්වමින්


     මේ එක් භටයෙක් අවම වශයෙන් කිලෝ 8 බැරති ගල් කැට 03 ක් වරකට ඉහල මලුවට ගෙන ගියා
  


                                                  මනොජ් මහතා මදක් විවේකයෙන්

                                                                  
                                                     තම සගයන් සමග විවේකයෙන්


                                        
                            ඉදිකිරිම් ඇරඹි ඉහල මලුවේ ශ්‍රිපාද පත්මය වෙත නගින පියගැටපෙල




                                         නවිනතම අලෝක පද්ධතිය සදහා විදුලි රෑහැන් ඇද ඇති අයුරු
                              ලක්ෂ සංඛ්‍යාත පිරිස් දන නමන ශ්‍රිපාද පද්මය අසල සිදුවන ඉදිකිරිම්




විශේෂයෙන් සදහන් කල යුතුවන්නේ සිවිල් ආරක්ෂක බලකායේ කන්ඩායම නායකත්වය දුන් පොලිස් පරික්ෂක මනෝජ් මහතා ඇතුල 400 පමණ වු භටයන්ගේ අතිමහත් කැපවිම,අධික ශිතල කාලගුණ තත්වයන් යටතේ පවා නොසැලෙමින් සිමිත පහසුකම් යටතේ ලබා දුන් උපරිම සේවය නොවන්නට මේ ව්‍යාපෘතිය දැනට ලබා ඇති සාර්ථකත්වය දක්වා පැමිණිමට නොහැකි වනවා ඇත.



4 comments:

  1. හොඳ දේට කාගෙත් සහයෝගය ලැබෙනව.

    ReplyDelete
  2. සාදූ! සාදූ!!සාදූ!!! කියා වැඳ ගත්තා නුවන් මල්ලි. මම තාත්තාගෙ කරමතින් ඉතාම කුඩා කාලෙ ගියාට පසුව සිරිපා මළුවට ගිහින් නෑ. අනේ යන්න හරිම ආසයි. ඒත් කාටවත් කරදරයක් දීල ගමන් ගිහින් වැඩක් නෑ කියල හිතෙනවා. අපේ පුතාල නිතරම කතාකරනවා යමු කියාලා.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා චන්දි අක්කා.මම යන ගොඩාක් වෙලාවට දැක්කා.සිරිපාදේ ජිවිතේටවත් කරුනා කරයි කියලා හිතන්න බැරි වයසක අම්මලා ඉන්නවා.වතාවක් එ වගේ වයසක කෙනෙක් දැකලා සතුට වැඩ් කමට මම ලගට ගිහින් වැන්දා

      Delete