Tuesday, November 25, 2014

ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යපෘතිය

                                                     
ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යපෘතිය (01කොටස)

පෙරවදන

ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය අවසන්කර වසරක් සපිරෙන්න ආසන්න වුවත්  එම ව්‍යාපෘතිය සිදුකළ අකාරය ගැන ලියා තබන්න කිහිප විටක් උත්සහ කළත් දහසකුත් රාජකාරි නිසා දිනෙන් දින ඒ අවස්ථාව මගහැරුණා. එත් මාගේ ආයතන ප්‍රධානියාගේ ඉල්ලිම මත එම ව්‍යාපෘතිය වෙනුවෙන් සැකසෙන වාර්තාමය සගරාවකට අදාළ ව්‍යාපෘතිය පිළිබද මුල සිට අග දක්වා සිදුවීම් සවිස්තරව ලිපියක් සැකසිමට අවස්ථාව ලැබුණා. අද දින සිට එම ලිපිය කොටස් වශයෙන් ඔබ වෙත ගෙන ඒමට මා අදහස් කළා.




ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේදි මණි අක්ඛිය නා රජුගේ අරාධනය අනුව ලංකාවට තෙවන වරට වැඩම කල අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ අරාධනයෙන් සමනොළ ගිර  මුදුනේ තම වම් පා සලකුණ පිහිටුවාලු බව ඉතිහාසයේ දැක්වේ. අසම සම වු මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වු සමිමා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මය මගුල් ලකුණු 108 කින් යුක්ත වන අතර සමන් සුරිදුගේ ඇරයුමින් වම් ශ්‍රීපාදය ඉන්ද්‍රනීල මාණික්‍යය මත පිහිටවු  බව බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ.

පළමු හා දෙවන පරාක්‍රමබාහු රජවරු ,කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, වළගම්බා රජතුමා, විමලධර්ම රජතුමා සහ නිශ්ශංක මල්ල රජතුමන් වැනි රජවරුන් විසින් ඉතා ගෞරවයෙන් ආරක්ෂා කළ මෙම පුද බිමේ මහා මේඝවර්ණ රජතුමාගේ පුත් රාජ්‍යත්වයට පත්ව සමන් සුරිදුන් උදෙසා දෙවොලක් නැනු බවද ශිලා ලේඛන වල සදහන් වේ. එදා මෙදා තුර වසර දහස් ගණනක් තිස්සේ අතිපුජනීය ස්ථානයක් බවට පත්වු ශ්‍රීපදාස්ථානය වර්තමානය වන විට ලෝක උරුමයක් ලෙසද පිළිගෙන ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 7360 උසින් පිහිටි සමනල ගිර කරුණා කිරිමේ තිබේන දුෂ්කරතාවය නිසාම කදු මුදුනේ ඉදිකිරිම් සිදුකිරිම ඉතා අපහසු කාර්යක් වි ඇති අතර සමහර ඉදිකිරිම් ප්‍රමිතියෙන් තොරවු මෙන්ම පුජනීය ස්ථානයකට නොගැලපෙන ඉදිකිරිම්ද සිදු කර තිබෙන නිසා මෙම ස්ථානය ක්‍රමයෙන් අභාවයට යන ලකුණු පහළ වි තිබුණි. ඉතාමත් දිර්ඝ කාලයක් තිස්සේ මෙම පුදබිම සංවර්ධනය කළයුතු යැයි යන දැඩ් අදිෂ්ඨානයෙන් සිටි තුසිත විජයසේන මහතාට එම අධිෂ්ඨානය මල්එල ගැන්විමට අවස්ථාව පෑදුණේ  කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝාදිනායක ගලබොඩ ඥානිස්සරාභිධාන පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් විමෙනි.උන්වහන්සේ මගින් රත්නපුර මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතාගේ සහයෙන් ශ්‍රීපාදාස්ථානාධීපති  අති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මුණ ගැසුණු තුසිත විජයසේන මහතා සහ එම මැතිනිය තමන් කලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රීපාද සංවර්ධන ව්‍යපෘතිය පිළිබද දිර්ඝ ලෙස සාකච්ජා කරන්නට විය.

එහිදි එතුමා පොළොන්නරු යුගයේ මහ විජයබා රජතුමා විසින් කරවා තිබු සහ ඉන් පසු කලෙක විවිධ ශාසන ලැදි පුද්ලගලයින් විසින් ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුණු සලපතල මළුව හා ඒ අවට ඇති ප්‍රාකාරය පෙර පරිදිම කළුගලින් නිර්මාණය කරන ලද දෙළොස් මහේ පහනක් සහ කොප්පරා පහනක්ද එවා වටා බැදි අලංකාර පියැසි දෙකක් ද සමග කළුගලින් නිමවන ලද ඝණ්ඨාර කුළුණක් සහිත පිත්තල වලින් නිමවන ලද ඝණ්ඨාරයක් සහ අති නවිනතම විදුලි ආලෝක පද්ධතියක් සවිකිරිම පිළිබදවත් නාහිමියන් ඇතුළු පිරිස දිර්ඝ ලෙස සාකච්ජා කරන්නට විය.

සාකච්ඡාවෙන් අනතුරුව තුසිත විජයසේන මහතාගේ මෙම අවංක උත්සාහය පිළිබදව අතිශය පැහැදි  මින් පෙර දිවයිනේ වෙහෙර විහාරස්ථාන වලට එතුමා කර ඇති අවංක ශාසනික සේවය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කල ශ්‍රීපාදාස්ථානාධීපති නාහිමියන් මෙම ව්‍යාපෘතිය පිළිබද තමාගේ අශිර්වාදය උපරිමයෙන් ලබාදෙන බව ප්‍රකාශ කළහ.

කවදත් අති දැවන්ත අභියෝග භාරගත් තුසිත විජයසේන මහතා මෙම උතුම් පුණ්‍ය කර්මය අවංක චේතනාවෙන් හා දැඩි අධිෂ්ඨානයෙන් මෙන්ම දැඩි භක්තියකින් බාරගනිමින් ප්‍රථමයෙන් සිදු කල කාර්ය වුයේ මෙම ව්‍යාපෘතිය සදහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනිමයි. මෙහිදි ප්‍රථමයෙන්ම තෝරාගනු ලැබුවේ තුසිත විජයසේන මහතා ගේ සමිපතම මිත්‍රෙයකු මෙන්ම මේ කාර්යන් පිළිබද හසළ දැනුමක් ඇති රජයේ හිටපු නියෝජ්‍ය තක්සේරුකරු ,අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් ජේ . එම් සේනානායක බණ්ඩාර මහතායි.විජයසේන මහතා මෙන්ම ඕනැම අභියෝගයක් භාරගැනිමේ හැකියාවක් ඇති එතුමා  මෙම ව්‍යාපෘතිය භාර ගත්තේ අසිමිත භක්තියකිනි.

පෙර කල කුසල් වල බල මහිමයකින් දෝ මේ ව්‍යාපෘතිය සදහා සම්බන්ධිකාරක වරයකු ලෙස මා පත් කළ තුසිත විජයසේන මහතා මේ ව්‍යාපෘතිය පිළිබද හා එතුමාගේ මුලික සැලසුම් අප වෙත පැහැදිලි කරනු ලැබුවා. එතැන් පටන් මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන යාමේ වගකිම හිමි වුණේ සේනානායක බණඩාර මහතාටත් මටත් ය.



4 comments:

  1. හොඳයි. ඉතුරු විස්තර ටිකත් දාන්න.
    කාලෙකින් යන්න බැරි උනා. කොහොම හරි මේ වාරෙ යන්න හිතාගෙන ඉන්නව.

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රසන්න.අනෙත් විස්තරත් ලගදිම දාන්නම්

    ReplyDelete
  3. ඔබ වාසනාවන්තයි නුවන් මල්ලි.
    අගේ ඇති සටහන, අනික් කොටස් ද ඉඩ ලැබෙන විදියට දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩින් අයියා.ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නම්

      Delete