Sunday, July 21, 2013

ඉර සේවය

ඉර සේවය

  ශ්‍රීපාදය වන්දනාමන කිරිම මෙන්ම ඉර සේවය නැරඹිමටත් එහි පැමිණෙන සියල්ලෝම ඉතා දැඩි රුචිකත්වයක් දක්වති.විශේෂයෙන්ම විදේශිකයන් ශ්‍රීපාදස්ථානය තරණය කිරිමෙන් බලාපොරොත්තු වන්නේ ස්වභාවික පරිසරයේ අතිසුන්දරතම අවස්ථාවක් වන ඉර සේවය නැරඹ්මයි.බොහෝ විදේශිකයෝ කලින්දින රාත්‍රියේ ශ්‍රිපාද තරණය ආරම්භ කර පාන්දර 05 පමණ වන තෙක් දැඩි සිතලට මුහුණ දෙමින් මහ මළුවේ පැය ගනණාවක් අසුන්ගෙන ඒ අසිරිමත් ඉරසේවය නැරඹිමට සැදිපැහැදි සිටී.අවාර කාලයකට විදුලි බලය නොමැති නිසා බොහෝ විදේශිකයෝ සිරිපා තරණය කරන්නේ ලන්තැරුම් එළියෙනි.
                                 විදේශිකයින් පමණක් නොව දේශිය වන්දනාකරුවන්ද මේ අසිරිමත් ඉර සේවය නැරඹිමට මහත් රුචිකත්වයක් දක්වන අතර.ඔහුන්ද විදේශිකයන් මෙන් ශ්‍රිපතුල වන්දනා කිරිමෙන් අනතුරුව ඉර සේවය නැරඹිමට පැය ගන්න් මහමළුවේ අයිනක අසුන්ගෙන බලා  සිටි.

                                  නමුත් ඉරසේවය හැමදාකම හොදින් දර්ශනය වන්නක් නොවේ.මීදුම හා වලාකුළු අධික දිනවල හා වර්ෂාව පවතින දිනවලට ඉර සේවය නැරඹිමට නොහැක.ඒ අවස්ථාවලදි ඉමහත් වෙහෙසක් දරා සිරිපා තරණය කරන දේශිය විදේශික පිරිස් හට බලාපොරොත්තු කඩ වි නැවත පැමිණිමට සිදුවේ.සමහර මාස වල මාසයකටම ඉර සේවය හොදින් දර්ශනය වන්නේ දවසක් හෝ දෙකක් පමණනි
                           
                              ශ්‍රිපාද සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹිමත් සමග මගේ සිතේ ඇති වු ලොකුම ආශාව වුයේ මේ තෙක් මා නොදුටු ඒ සුන්දර ඉර සේවය නැරඹිමයි.ඒ අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ නිරික්ෂණය කිරිම සදහා නැවතත් මා ජනවාරි මස මුල් සතියේ ශ්‍රිපාදය බලා පිටත්වුනෙමි.
                              
                        පාන්දර 03ට පමණ අවදි වි  සිවිල් ආරක්ෂක බලකායේ මෙම ව්‍යාපෘතිය භාරව සිටින පොලිස් පරික්ෂක මනොජ් මහතා සමග ශ්‍රිපාද වන්දනාව සදහා නල්ල තන්නියෙන් පිටත් වුණෙමු.ඒ අනුව පාන්දර 5.45 පමණ වන විට අපි මහමළුව වෙත ලගා වුණෙමු.එතැන් සිටි ඉර සේවය දිස්වුණු අකාරය පියවරින් පියවර මෙසේයි.





























4 comments:

  1. ෂාහ් හරිම අලංකාර දසුන් ටික. බොහෝම ස්තුතියි නුවන් මල්ලි.

    ඉර නැග්ම වගේම බැස්ම දක්වන දර්ශණ පිංතූරයට අල්ලගන්න මගේ ද තියෙන්නේ පුදුම ආසාවක්. වරුගනන් තැපලා කිසිම ෆොටෝවක් ගන්න බැරිව ආ අවස්ථා එමටයි. ඒත් ඒ උත්සාහය ලස්සන දසුන් ලබාදුන්නාම ඇතිවෙන්නේ ඉමහත් සතුටක්.

    ReplyDelete
  2. ඔව් අයියා මේ සුන්දර දසුන් පෙල ගන්න මම පාන්දර 02ට නැගිට්ටේ.ඉක්මනින් ලැස්තිවෙලා පාන්දර 2.30 විතර කරුනා කරන්න පටන් ගත්තා.සති ගාණකට පස්සේ එදා තමයි ඉර සේවය ලස්සනටම පෙනිලා තියෙන්නේ.

    ReplyDelete
  3. ලස්සන පිංතූර ටිකක්. මාත් දෙතුන් පාරක්ම ඕක දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න .එ සුන්දරත්වය ඔයත් හොදට විදින්න ඇති

      Delete