Sunday, July 14, 2013

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹිම


ශ්‍රීපාද වන්දනා සමය ඇරඹිම

අවාරේ ඇරඹි ශ්‍රිපාද සංවර්ධන ව්‍යාපෘතියේ අභියෝගාත්මක කාලපරිච්ජේදය උදාවන්නේ ශ්‍රීපාද වන්දනා සමය ඇරඹිමත් සමගයි.ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වන්දනාමාන සදහා පැම්ණෙන මේ කාලය තුල අභියෝග රෑසකට මුහුණ දිමට සිදුවන බව කල්තියා දැනගැනම අපි ඉදිකිරිම් ද්‍රව්‍ය ඉහළ මළුලුව වෙත ගෙන යාම අවාරයේම ඇරඹුවේ මේ හේතුව නිසාමය.මේ කාලයට ශ්‍රීපාදය බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යන බැවින් භාණ්ඩ ප්‍රවාහනය හා ඉදිකිරිම් කටයුතු කිරිම ඉතාමත් අසිරු කටයුත්තකි.

වන්දනා සමය ඇරබෙන මුල් දවස යනු ශ්‍රිපාදයේ ජන ගංගාව ගලන දිනය යැයි කිව්වොත් නිවැරදිය.මෙතෙක් පාළුවට ගිය සිල්ලර කඩ,හෝටල්,ලැගුම් හල් හා ඒ ආශ්‍රිත ජනයාගේ ආදායම් සරුවන කාලයයි මේකාලයයි.පාළුවට ගොස්ව තිබු කඩ කාමර හා අනෙකුත් ගොඩ නැගිලිවල ලැගුම් ගෙන සිටි සියලු මකුණන්,මියන් ආදි සතුන් එළවා දමා තීන්ත ආලේප කොට අලුත් ගොඩනැගිලි සේ එළියට දිස් වුණත් ඇතුළතින් ඇති අපිරිසිදු කම එසේමය.අවාරයේ ශ්‍රිපාදයේ හැම අස්සක් මුල්ලක්ම ඇවිදගිය මට වාරයේ ශ්‍රිපාදය දිස්වනුයේ සුර පුරයක් ලෙසය.එත් පිටතින් පමණි.කොළඹ සිට පැමිනෙන තොරම්බල් කඩ කරුවො ලහි ලහියේ තම තාවකාලික කඩ ඉදිකිරිම අරබන අතර තේ කඩ,නවාතැන් පොළවල් සැම තැනමය.මේ වායේ පිරිසිදු කම පිටතින් පමණි.නල්ලතන්නියේ අවට ජනයා මෙන්ම දුරබැහිරින් පැමිණෙන වෙළදුන්ද අඩු වැඩි වශයෙන් දැක ගත හැකිය.තේ වතුවල වැඩ කරන කම්කරුවන්ට මේ කාලයේ ආදාම් සරුවන්නේ ශ්‍රිපාදය කරුණා කරන අතර තුර ඇති කඩ වලට අවශ්‍ය ඉදිකිරිම භාණ්ඩ හා අලෙවි භාණ්ඩ ඔසවාගෙන යාමෙන් හොද ආදායමක් ලද හැකි බැවිනි.ඔහුන් තේ වත්තේ වැඩ අවසන් කිරිමෙන් අනතුරුව පැම්ණ මේ බඩු ඔසවාගෙන යාමෙන් පැය 4-5 ඇතුළත රු 1000 වැනි මුදලක් උපයාගනු ලබයි.අපේ ව්‍යාපෘතියෙදි අපි දිනකට මිනිසුන් 100 දෙනකුට අධික පිරිසක් යොදවා වැඩගත් අවස්ථා බොහෝ විට තිබුණු අතර මෙහිදි නල්ලතන්නි පොලිසියේ පාරුක් මහතා අපට ලබාදුන් සේවය මිල කල නොහැකිය.


ශ්‍රීපාද වන්දනා සමය ඇරඹිමේදි චාරිත්‍රානුකුලව  රත්තපුර ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ කුරුවිට ශ්‍රිපාද මාර්ගයෙන් හා නල්ලතන්නි ශ්‍රිපාද මාර්ගය ඔස්සේ ඉහල මළුවට වැඩම කරවනු ලබයි.සමන්දෙවියන්ගේ අඩවියේ වෙසෙන ජනතාවගේ වැදගත්ම හා අති පුජනිය උත්සවය මේම උත්සවයයි.මෙම ප්‍රතිමාව වැඩම කරන මාර්ගය දෙපස ඉතා අලංකාර ලෙස සරසවන  පාළාතේ ජනයා එදිනට දස දහස් ගණන් මග දෙපස රෑස් වි වන්දනාමාන කරන අතර සැම තැනම දන්සල් පවත්වමින් පෙරහැරේ ගමන් කරන ජනයාට අහාර පාන සපයාදෙනු ලබයි. මෙම පෙර හැර වඩම්මවන පාර දෙපස ඉතා අලංකාරය. වදනින් කියා නිම කල නොහැකි තරමට අලංකාරය.ගොක්කොළ,විවිධ වර්ගයේ තොරන්,විදුලි බුබුළු වලින් දසතින් දක්නට ලැබෙයි.


                                                     දේව ප්‍රතිමාව හා දේවාභරන වැඩම කරවන රථය

                                                         
                                                             සැදහැවතුත් පුජා වට්ටි ඇතැතිව

                                                             

                                                       දේව ප්‍රතිමාව හා දේවාභරන රෑගත් දෝලාව


                                                           ශ්‍රීපාදස්ථානය ඈතට දිස්වෙන අයුරු





                                             
 නල්ලතන්තියේ  සිට මෙම දෝලාව මිනිසුන්ගේ කර මතින් ඉහල මළුව දක්වා වැඩම කරවන අතර සෙත් පිරිත් සච්ජායනා මැද සමන් දෙව් ප්‍රතිමාව සහ දේවාභරන දේවමන්දිරයේ තැන්පත් කරනු ලබයි.මෙතැන් සිට පුරා මාස 06 කාල සිමාවක් දක්වා ශ්‍රීපාද වන්දනා සමය ඇරබෙයි

විශේෂයෙන්ම සදහන් කල යුතු ආශ්චර්ය මත් සිදුවිම නම්  දවල් කාලයේ අවට සමාන්‍ය පරිදි ඉර පයා තිබු අතර පෙරහැර නල්ලතන්තියට වැඩම කිරිමට පැයකට පමණ ප්‍රථම ධාරානිපාත වැස්සක් ඇදහැලි පළාතේ තිබුණ් සියලුම කුණු සෝදා ගොස් ශ්‍රීපාද ගමන් මාර්ය සම්පුර්ණයෙන් ප්‍රවිත්‍ර වන්නට විය.මොහොතකින් ශීත ගගුල තද බොර පැහැයට හැරි අපද්‍රව්‍ය එ ඔස්සේ ගලා යන්නට විය.එත් සමගම දේවාභරණ රෑගත් රථය නල්ලතන්නියට පැම්ණි අතර සැණකින් කාලගුණ තත්වය යහපත් විණ.එතැන් සිට පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට කිසිදු කරදරයකින් තොරව ශ්‍රීපාද කරුණා කිරිමට හැකි විය.මෙය මා සියැසින් දුටු ආශ්චර්ය මත් සිදුවිමක් වු අතර එය ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ විමතිය බදුන්වු කරුණක් විය.



4 comments:

  1. ඊට පස්සෙ මාස හයක් මුලු ලංකාවෙම කුණු ටික ගෙනිහිල්ල මග දිගට ගොඩගහනව. :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත ප්‍රසන්න.මම දැක්ක ලොකුම ව්‍යසනය තමයි ඕක.

      Delete
  2. වන්දනා ගමන්, විනෝද ගමන් යන හුඟක් මිනිස්සු එහෙමයි; කෑම ඔතාගෙන යන පොලිතින්, කැඩුණු සෙරෙප්පු, ළමයින්ගෙ පැම්පර්ස්, ප්ලාස්ටික් වතුර බෝතල්, බිස්කට් දවටන වගේ හැම එකක්ම හිතුණු හිතුණු අත දාලා එනවා. එහෙම විසි කරලා එන එක මහලොකු වීරකමක් විදිහට දකින අයත් ඉන්නවා.
    සිරීපාද ප්‍රදේශය පිරිසිදු කරන වැඩ සටහන් ගැනත් ඉඳහිට අහන්න ලැබෙනවා. අන්න නියම පින්කම්

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.අපේ මිනිස්සුන්ගේ ආකල්ප හදනකන් රෙටේ දියණුවක් දකින්න වෙන්නේ නැ කවදාවත්

      Delete