ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යපෘතිය
2 වන කොටස
නිර්මාණකරුවන් තෝරාගැණිම සහ ප්‍රථම නිරික්ෂණ චාරිකාව
ඒ අනුව පළමුව සිදුවුයේ නිර්මාණකරුවන් තෝරා ගැනිමයි.එහිදි මුලික වටයේ
සාකච්ජා කිහිපයක් කොළඹ දි පවත්වන ලද අතර මෙම සාකච්ජාවල මුලික අරමුණ වුයේ ඉහළ මළුවේ
ස්ථාපිත කිරිමට යෝජිත ඝණ්ඨාර කුළුණ දොළොස්
මහේ පහන, කොප්පරා පහන,කැටයම් සහිත පියස්ස,වඩාත්
යෝග්‍ය ස්වභාවික කළුගල් හා එවා සැපයිමට මෙන්ම ඇතිරිමට කොන්ත්‍රාත් කරුවන් සොයා ගැනිමයි.
ඒ අනුව නිර්මාණකරුවන් හා කොන්ත්‍රාත් කරුවන් කිහිපදෙනෙක් අතුරින්
ඝණ්ඨාර කුලුණ නිර්මාණය කිරිමට අති දක්ෂ කළුගල් නිර්මාණ ශිල්පියෙකු වු මිනුවන්ගොඩ
අතුල මහතාත් දොළොස්මහේ පහන සහ කොප්පාරා
පහන නිර්මාණය කිරිමට රත්නපුර ලෙල්ලුපිටියේ කසුන් හේවගේ මහතාත් ,කිලෝ 500කට වඩා අධික බරින් යුක්ත ඝණ්ඨාරය නිර්මාණය කිරිම සදහා පළපුරුදු
නිර්මාණ ශිල්පියෙකු වු මොරටුවේ පිලිප් ගාවින් මහතාවත් තෝරාගන්නා ලදි.
ස්වභාවික කළුගල් තෝරාගැනිමේදි අපට ඉමහත් වෙහෙසක් දරන්නට සිදුවුයේ ශ්‍රීපාදාස්ථානාධීපති
නාහිමියන් සැපයයුම් කරුවන් ඉදිරිපත්කල නියැදි විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කල
හේතුවෙනි. අවසානයේ නියම ස්වභාවික නියැදිය ඉදිරිපත් කළ අවිස්සාවේල්ලේ විජිත ගල්
කැටයම් ආයතනයට එම ගල් සැපයිමටත් සලපතල මළුවේ ඒවා ඇතිරිමටත් භාර දිමට ඒකමතිකව තිරණය
කළෙමු.
ඓතිහාසික ඇම්බැක්කේ ලී කැටයම් ගුරු කර ගනිමින් සම්පුර්ණයෙන් දැවයෙන්
නිම කිරිමට යෝජිත පියස්ස නිර්මාණය කිරිම සදහා තවත් අති දක්ෂ කැටයම් නිර්මාණ
ශිල්පියෙකු වු ගම්පහ වතුරුගම තිලකරත්න මහතා වෙත භාර දිමටද මෙහිදි අවසන් තිරණ ගනු
ලැබිණ.
විශේෂයෙන්ම ශ්‍රිපාද භාරකාර නාහිමියන්ගේ එකමතික තිරණය වුයේ මෙම
සංවර්ධන ව්‍යාපෘතියෙන් ශ්‍රිපාද කන්ද ආශ්‍රිත
අවට ස්වභාවිකත්වයට අබමල් රේණුවකවත් හානියක් නොවිය යුතු බවය
මෙම සියලු කටයුතු සුදානම් කිරිමෙන් අනතුරුව ඊළග කාර්යය වුයේ මෙම
නිර්මාණයන් ඉදිකරන ස්ථාන නිරික්ෂණය කිරිමයි ඒ අනුව 2012 වසරේ නොවැම්බර් මසස 26 වන
දින ඉල් පොහෝ දින අවාරේ ශ්‍රිපාද කන්ද කරුණා කිරිමේ අදහසින් ඊට පෙර දින තුසිත
විජයසේන මහතා, සේනානායක බණ්ඩාර මහතා සහ මාද තවත්
කොන්ත්‍රාත් කරුවන් උපදේශකයින් ඇතුළු 30
දෙනෙකුට ආසන්න පිරිසක් කොළඹින් පිටත් වන්නට විය.මේ ගමනේදි හිටපු බස්නායක නිලමේ වීරසේකර මහතාත්,විදුලි බල මණ්ඩලයේ රත්නපුර කාර්ය්‍යාලයේ
ඉංජිනේරු මහත්වරු සහ ලක්ෂපාන යුද හමුදා
කදවුරේ අණදෙන නිලධාරි කර්නල් ළලන්ත ගම්ලත් මහතා, මවුස්සාකැලේ යුද හමුදා කදවුරේ කපිතාන් ධම්මික මහතා ඇතුළු යුද හමුදා
නිලධාරින් කිහිපදෙනෙකුම සහභාගි විය
මේ ගමනේදි අදාළ ඉදිකිරිම් ස්ථානගත කරන අකාරයත් වෙනස් කල යුතු අංගයන්ද අවශ්‍ය කරන භාණ්ඩ නිර්ණය
කිරිම ඇතුළු මුලික මිනුම් කටයුතුද සිදුකරන ලද අතර දැනට තිබෙන දොළොස් මහේ පහන ,ඝණ්ඨාර කුළුණ හා සලපතල මළුව අභාවයට ගොස් ඇති
අයුරුත් නිරික්ෂණය කෙරුණි. ඒ අනුව එදින නිරික්ෂණ චාරිකාට සහභාගි වු සියලුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රථම
සාකච්ජාව සිදුකරනු ලැබුවේද උතුම් වු ශ්‍රීපාද
සලපතල මළුවේදිමය
මෙම නිරික්ෂණ චාරිකාව අවසන ඒ ඒ කොන්තරාත් කරුවන් තමන්ට අවශ්‍ය
ඉදිකිරිම් ද්‍රව්‍ය හා එවායේ මිලගණන්
ඉදිරිපත් කරන ලද අතර මුලික වශයෙන් කළුගල් 5239 සිමෙන්ති කොට්ට 200 ක් හා වැලි කියුබ් 06 ,කොන්ක්‍රිට්
ගල් කියුබ් 02 අවශ්‍ය බව (මේවා මුලික වශයෙන් අවශ්‍ය
අමුද්‍රව්‍ය පමණි)අප වෙත දන්වා සිටියා.ඒ අනුව මිළග භාරදුර කාර්ය වුයේ මේවා ඉහළ
මළුව වෙත ගෙන යාමයි. මෙය අති දැවැන්ත අභීයෝගයකි.
හොඳයි. ඊගාව කොටසත් බලමු.
ReplyDeleteඔව් ප්‍රසන්න.ඉක්මනින්ම ඊලග කොටසත් ලියන්න
Delete