Monday, July 29, 2013

ඉර සේවය (දෙවන කොටස) ශ්‍රිපාද කන්දේ සෙවනැල්ල


ශ්‍රිපාද කන්දේ හෙවනැල්ල

                            නැගෙනහිරින්  ඉර සේවය ඇරඹිමත් සමගම හිරුගේ ආලෝකය ශ්‍රීපාද කන්දට වැටිමත් සමගම බස්නාහිරට ක්‍රමයෙන් ශ්‍රීපාද කන්දේ හෙවනැල්ල පතිත වේ.කුඩාවට ඇරඹි හෙවනැල්ල ක්‍රමයෙන් විශාල වි හිරු මුදුන් විමත් සමග නොපෙනි යයි.ඉතාමත් සුන්දර දර්ශනයක් වන මෙය මාගේ කැමරා කාචයට හසුකර ගැනිමට හැකි වුණා.



                  මේ ඇතින්  කුඩාවට පෙනෙන ත්‍රිකොනාකාර ලපය ශ්‍රීපාද කන්දේ සෙවනැල්ලයි




                                                  ක්‍රමයෙන් විශාල වන සෙවනැල්ල















                                           ක්‍රමයෙන් විශාල වන ත්‍රිකෝණාකාර සෙවනැල්ල









                                ඉතාමත් දර්ශණියව පෙනෙන ශ්‍රීපාදයේ ත්‍රිකෝණාකාර සේවනැල්ල





සෙවනැල්ලේ උපරිම අවස්ථාව

Sunday, July 21, 2013

ඉර සේවය

ඉර සේවය

  ශ්‍රීපාදය වන්දනාමන කිරිම මෙන්ම ඉර සේවය නැරඹිමටත් එහි පැමිණෙන සියල්ලෝම ඉතා දැඩි රුචිකත්වයක් දක්වති.විශේෂයෙන්ම විදේශිකයන් ශ්‍රීපාදස්ථානය තරණය කිරිමෙන් බලාපොරොත්තු වන්නේ ස්වභාවික පරිසරයේ අතිසුන්දරතම අවස්ථාවක් වන ඉර සේවය නැරඹ්මයි.බොහෝ විදේශිකයෝ කලින්දින රාත්‍රියේ ශ්‍රිපාද තරණය ආරම්භ කර පාන්දර 05 පමණ වන තෙක් දැඩි සිතලට මුහුණ දෙමින් මහ මළුවේ පැය ගනණාවක් අසුන්ගෙන ඒ අසිරිමත් ඉරසේවය නැරඹිමට සැදිපැහැදි සිටී.අවාර කාලයකට විදුලි බලය නොමැති නිසා බොහෝ විදේශිකයෝ සිරිපා තරණය කරන්නේ ලන්තැරුම් එළියෙනි.
                                 විදේශිකයින් පමණක් නොව දේශිය වන්දනාකරුවන්ද මේ අසිරිමත් ඉර සේවය නැරඹිමට මහත් රුචිකත්වයක් දක්වන අතර.ඔහුන්ද විදේශිකයන් මෙන් ශ්‍රිපතුල වන්දනා කිරිමෙන් අනතුරුව ඉර සේවය නැරඹිමට පැය ගන්න් මහමළුවේ අයිනක අසුන්ගෙන බලා  සිටි.

                                  නමුත් ඉරසේවය හැමදාකම හොදින් දර්ශනය වන්නක් නොවේ.මීදුම හා වලාකුළු අධික දිනවල හා වර්ෂාව පවතින දිනවලට ඉර සේවය නැරඹිමට නොහැක.ඒ අවස්ථාවලදි ඉමහත් වෙහෙසක් දරා සිරිපා තරණය කරන දේශිය විදේශික පිරිස් හට බලාපොරොත්තු කඩ වි නැවත පැමිණිමට සිදුවේ.සමහර මාස වල මාසයකටම ඉර සේවය හොදින් දර්ශනය වන්නේ දවසක් හෝ දෙකක් පමණනි
                           
                              ශ්‍රිපාද සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹිමත් සමග මගේ සිතේ ඇති වු ලොකුම ආශාව වුයේ මේ තෙක් මා නොදුටු ඒ සුන්දර ඉර සේවය නැරඹිමයි.ඒ අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ නිරික්ෂණය කිරිම සදහා නැවතත් මා ජනවාරි මස මුල් සතියේ ශ්‍රිපාදය බලා පිටත්වුනෙමි.
                              
                        පාන්දර 03ට පමණ අවදි වි  සිවිල් ආරක්ෂක බලකායේ මෙම ව්‍යාපෘතිය භාරව සිටින පොලිස් පරික්ෂක මනොජ් මහතා සමග ශ්‍රිපාද වන්දනාව සදහා නල්ල තන්නියෙන් පිටත් වුණෙමු.ඒ අනුව පාන්දර 5.45 පමණ වන විට අපි මහමළුව වෙත ලගා වුණෙමු.එතැන් සිටි ඉර සේවය දිස්වුණු අකාරය පියවරින් පියවර මෙසේයි.