Friday, June 28, 2013

රතු එළිය වැටෙන තුරු

රතු එළිය වැටෙන තුරු



දෝත පාමින් සිගමන් යදිමින්
බලා සිටිමි මා, ඇසිපිය නොහෙළා
රතු එළිය වැටෙන තුරු

   වමට දකුණට හරහට පහළට
ගිය මගේ ජිවිතය
නැවතී ඇත මෙසේ
සතර මං හංදියක

එපා රවා බලන්නට
සෙනෙහබර මහතුනේ
දිරාගිය මගේ ගතට
වෙන කුමක් කරන්නද?

පොඩි පුතා වැලිකඩ
ලොකු පුතා බෝගම්බර
උන්ගෙ පවුල් රකින්නට
දෝත පානෙමි ඔබට

මහලුව වැහැරුණත්
සරි කරමි කෙසේ හෝ
උන්ගේ කල දවස මා
වැටෙන තුරු හෙට දිනයේ

ජීවිතයේ රතු එළිය.......

Tuesday, June 25, 2013

ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතිය - 4 වන කොටස (ඉදිකිරිම් ද්‍රව්‍ය ඉහල මලුවට ගෙනයාම)

ඉදිකිරිම්  ද්‍රව්‍ය ඉහල මලුවට ගෙනයාම

                 මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමේදි අපට තිබු දැවැත්තම අභියෝගය වුයේ ඉදිකිරිම් ද්‍රව්‍ය ඉහළ එබ මලුවට ගෙනයාමයි. කි.මි 07 ක පමණ දුෂ්කර මගක් ඔස්සේ ඉහල මලුව වෙත ගෙන යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.කලුගල් 5000,වැලි කියුබ් 07,සිමෙන්ති කොට්ට 200, හා ක්‍රොන්ක්‍රීට් ගල් කියුබ් 02  ගෙනයා යුතු අද්‍රව්‍ය අතර විය
                                             යුද හමුදාවේ කොත්මලේ කදවුරේ අණදෙන නිලධාරි කර්නල් ගම්ලත් මහතාත් මවුස්සාකැලේ කදවුරේ අණදෙන නිලධාරි ධම්ම්ක මහතාත් ඔහුන්ගේ කදවුරු වල සිටින හමුදා සෙබලුන් මාර්ගයෙන් කලුගල් 250 කට අධික ප්‍රමාණයක් ඉහල මලුවට ගෙනගොස් තිබුණත් වැඩ ආරම්භ කිරිමේදි එම කලුගල් ප්‍රමාණය ප්‍රමානවත් නොවිනි.ඒ අනුව මේ අවස්ථාවෙදි අපිට ඉතාමත් සුවිශේෂි සහයෝගයක් දිමට ඉදිරිපත් වුයේ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ආනන්ද පීරිස් මහතායි.අපගේ අවශ්‍යතාව සැලකර සිටි වහාම ඔහු කිසිම පැකිලිමකින් තොරව සතියකට සිවිල් ආරක්ෂක සෙබලුන් 100 දෙනා බැගින් සියලුම කලුගල් උඩමලුව වෙත රුගෙන යනතුරුම ලබාදෙන්නට පොරොන්දු වු අතර පසුදා සිටම එය ක්‍රියාවට නංවන්නට කටයුතු සම්පාදනය කර දෙන ලදි.එ අනුව මොහුන් සදහා කැම බිම, නවාතැන් සියල්ල අප විසින් සංවිධානය කර පිළියෙල කල අතර 2012 දෙසැම්බර් මස 20 වන දින ප්‍රථම බට කණ්ඩායම  පොලිස් පරික්ෂක මනොජ් මහතාගේ නායකත්වයෙන් නල්ලතන්නියේ සිත ගගුල අසල "ඩැල්සි හවුස්" තානායමේ නවාතැන් ගන්නා ලදි.
මෙම තානායමේ පහසුකම් අවම මට්ටමේ පැවතියත් සිවිල් ආරක්ෂක භටයන් එ සියලු දුක් ගැහැට විදගනිමන් අපිට උපරිම සේවයක් සලසා දෙන්න ගත් කැපවිම වෙසෙසින්ම අගය කල යුත්තකි.





                                                 ඉහල මලුවට ගෙන යා යුතු කලුගල් ටයිල්

                                                                 
                                      නල්ලතන්නියෙන් ගමන් අරබන සිවිල් ආරක්ෂක සෙබලුන්





                                      
                                     පොලිස් පරික්ෂක මනොජ් මහතා තම සගයන් දිරිගන්වමින්


     මේ එක් භටයෙක් අවම වශයෙන් කිලෝ 8 බැරති ගල් කැට 03 ක් වරකට ඉහල මලුවට ගෙන ගියා
  


                                                  මනොජ් මහතා මදක් විවේකයෙන්

                                                                  
                                                     තම සගයන් සමග විවේකයෙන්


                                        
                            ඉදිකිරිම් ඇරඹි ඉහල මලුවේ ශ්‍රිපාද පත්මය වෙත නගින පියගැටපෙල




                                         නවිනතම අලෝක පද්ධතිය සදහා විදුලි රෑහැන් ඇද ඇති අයුරු
                              ලක්ෂ සංඛ්‍යාත පිරිස් දන නමන ශ්‍රිපාද පද්මය අසල සිදුවන ඉදිකිරිම්




විශේෂයෙන් සදහන් කල යුතුවන්නේ සිවිල් ආරක්ෂක බලකායේ කන්ඩායම නායකත්වය දුන් පොලිස් පරික්ෂක මනෝජ් මහතා ඇතුල 400 පමණ වු භටයන්ගේ අතිමහත් කැපවිම,අධික ශිතල කාලගුණ තත්වයන් යටතේ පවා නොසැලෙමින් සිමිත පහසුකම් යටතේ ලබා දුන් උපරිම සේවය නොවන්නට මේ ව්‍යාපෘතිය දැනට ලබා ඇති සාර්ථකත්වය දක්වා පැමිණිමට නොහැකි වනවා ඇත.



Sunday, June 23, 2013

ජිවිතය උරගැම







භුමිතෙල් කාලයි
කෝර හාල් බාගයයි
කරවල පනහයි
පොල් ගෙඩියයි
පොල් තෙල් අරික්කාලයි
සිනී දෙසිය පනහයි

ආබාධිත සැමියට
සුදු බිඩි දෙකයි

හවසට ගෙදර ගෙනියන්න
තවම විකුණුවේ ට්කට් දෙකයි
අනේ නෝනා මහතුනේ

ඔබ වාසනාව උරගාද්දි
මම ජිවිතය උරගානවා.....
 

Thursday, June 20, 2013

ශ්‍රීපාද සංවර්ධන ව්‍යාපෘතිය (3වන කොටස) මුල්ගල තැබිම

මුල්ගල තැබිම


නිර්මාණකරුවන් තොරාගැනිමෙන් අනතුරු ඒ ඒ නිර්මාණකරුවන්ට කරන මුලික වශයෙන් ගෙවිය යුතු ගෙවිම්ද නිම කිරිමෙන් අනතුරුව  ඊළග පියවර උයේ මුල්ගල තැබිමයි.මෙහිදි අපට අවශ්‍ය වුයේ අනෙක් ව්‍යාපෘති මෙන් මහ ඉහළින් උත්සවයක් තබා සියලුම දෙනා කැදවා ඉහල මධ්‍ය ප්‍රචාරයක් ලබා දි සිදු කිරිමට නෙවේ.අප ආයතන ප්‍රධානියේ අදහස උයේ ඉතා සරලව කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙය සිදු කිරිමට පමණි.ඒ අනුව මුල්ගල තැබිමේ ඓතිහාසික කටයුත්ත සදහා සියලුදෙනාගේ අනුමැතිය මත මාව තෝරාගනු ලැබිණ.එය මාගේ ජිවිතයේ මාලද උතුම්ම භ්‍යාගය විය.

ඒ අනුව  මුල්ගල තැබිම සදහා වඩා සුදුසුම දිනය ලෙස 2012 දෙසැම්බර් මස 16 වන දිනය ලෙස දැනුම් දුන් හෙයින් ඊට කලින් 14වන දින මේ සදහා මම නුවර මගේ කාර්යාලය බලා පිටත් වු අතර නුවර කාර්යාලයේ කැබ් රථයකින් පසුදින එනම් 15 වන දින හිමිදිරියේ ශ්‍රිපාදය බලා පිටත් උනෙමි.

ඒ අනුව දෙසැම්බර් මස 15 වන දිනයේ සිදුවුවේ පහළ නල්ලතන්නියේ මුලික පරික්ෂාවන්ය.එනම් දැනට කුලිකරුවන් ලවා ඉහළට වැලි හා සිමෙන්ති ගෙනයන අයුරු නිරික්ෂණය කිරිම.ඉදිරියේදි  අමුදව්‍ය ප්‍රවාහනය සදහා පැමිණෙන සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් සදහා නවාතැන් හා ආහාර පාන ගන්නා ස්ථාන සෙවිම හා එවාට අදාළ මුදල් ගෙවිම් කටයුතු සිදුකිරිමත්ය.

මේ සියල්ලටම අපිට උපරිම සහයෝගය දැක්වුයේ නල්ලතන්නිය පොලිස් ස්ථානයේ සේවය නියතු පාරුක් මහතායි.ඔහුගේ සේවය මිල කල නොහැකි තරම්ය.පොලිස් මුලස්ථානයේ පොලිස්පතිතුමාගේ ඉල්ලිම පරිද ඔහු තම පුර්ණ ශ්‍රමය හා කාලය කැප කළේ අප වෙනුවෙනි.ඔහු පළාතේ සැම පුද්ගලයෙක්ම හොදින් අදුනන අතරම ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ විස්වාශනීයම පුද්ලගයෙකි.ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන්නට ඔහුගෙන් ලද සේවය මිලකළ නොහැකිය.අපි කළයුත්තේ අපේ අවශ්‍යතාවය ඔහුවෙත දැන්විම පමණි පාරුක් මහතා අපගේ අවශ්‍යතාවය උපරිමයෙන්ම සපුරාදෙන්නෙක් විය.

ඒ අනුව දෙසැම්බර් මස 16 වන දින පාන්දර 05 පමණ වෙද්දි අප නැවති සිටි වත්සලා හෝටලයෙන් ශ්‍රිපාද තරණය සදහා පිටත් වුණෙමි.මේ සදහා මගේ ගමන් සගයා ලෙස ආයතනික ආරකෂක නිලධාරි විජේසිරිවර්ධන මහතාද සහභාගිවිය.අධික සිතලත් මීදුමත් මත අපි ගමන ඇඹුවෙමු.අවට ස්වභාවික පරිසරයේ සිරි නරඹමින් උදැසන 09 පමණ වන විට අප ශ්‍රිපාදස්ථානයේ උඩමලුව වෙත කරුණා කළෙමු.අපි එනතුරු අපගේ පුරා  සතියක් තිස්සේ ඉහළ මළුවේ නැවති සිටි අප ආයතනයේ ආරක්ෂක නිලධාරි ප්‍රියශාන්ත මහතා අපගේ ගමන් වෙහෙස නිවාලන්නට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ලන්නට විය

ඒ අනුව පෙ.ව 10.00 ට යෙදුණු සුභ මොහොතින් ශ්‍රිපාදස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ  ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් මගේ සියතින්ම මුල්ගල තැබිම සිදු කරන ලදි.


                                           සුමන සමන් දෙවියන් උදෙසා සුදානම් කල පුජා වට්ටිය


                     හමුදාවේ සෙබලුන් විසින් මේ වන විටත් ඉහල මලුවට ගෙන ගොස් ඇති කලුගල් කැට


                                                             
                                 මුල්ගල තැබිමට පෙර ශ්‍රීපාද පද්මයට නමස්කාර කිරිමට සුදානම්ව









                                         සුමන සමන් දෙවියන් උදෙසා පුජාවන් තබමින්


                                    ගල් ඇතිරිම සදහා එවන විටත් මහ මලුවට ගොස් සිටි පිරිස






                                                             මුල්ගල තැබිම සදහා සුදානම් වන අයුරු
                                                                      මුල් ගල තැබිම













ඒ අනුව ඒ ඓතිහාසික මුල්ගල තැබිමේ අවස්ථාවෙන් පසුව මේම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වින





Friday, June 14, 2013

ශ්‍රී පාද සංවර්ධන ව්‍යපෘතිය -2 වන කොටස- (නිර්මාණකරුවන් තෝරාගැණිම)


ශ්‍රී පාද සංවර්ධන ව්‍යපෘතිය (නිර්මාණකරුවන් තෝරාගැණිම)

 ප්‍රථම නිරික්ෂණ චාරිකාවෙන් පසු  මුලික සාකච්ජා වට කිහිපයක් කොළඹදි පවත්වන්නට යෙදුනා.මෙම සාකචිජාවල මුලික අරමුණ උනේ ඉහල මලුවේ ස්ථාපිත කිරිමට යෝජිත ඝන්ඨාර කුලුණ,දොළොස් මහේ පහන,කොප්පරා පහන, කැටයම් සහිත පියස්ස, සහ වඩාත් යෞග ස්වභාවික කලුගල් හා එවා සැපයුම් කරුවෙකු සොයා ගැණිම මෙන්ම එවා ඇතිරිමට කොන්ත්‍රාත් කරුවන් සොයා ගැණිමයි.

                    ඒ අනුව නිර්මාන කරුවන් හා ක්‍රොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක් අතුරින් ඝන්ඨාර කුලුණ නිර්මානය කිරිමට අති දක්ෂ කලුගල් නිර්මාන ශිල්පියෙක් වු මිනුවන්ගොඩ අතුල මහතාත්,දොලොස් මහේ පහන සහ කොප්පරා පහන නිර්මාණය කිරිමට රත්නපුර,ලෙල්ලුපිටියේ කසුන් තරුණ මහතාත්,කිලෝ 500 පමණ බර ඝන්ඨාරය නිර්මානය කිරිම සදහා පලපුරුදු නිර්මාන ශිල්පියෙකු වු මොරටුවේ පිලිප් ගාවින් මහතාවත්,ස්වභාවික කලුගල් සැපයිම සහ එවා මහ මලුවේ ඇල්ලිම සදහා අවිස්සාවේල්ලේ විජිත ගල් කැටයම් ආයතනයත් තෝරාගන්නා ලදි.
                ස්වභාවික කලුගල් තෝරා ගැනිමේදි අපිට සැහෙන වෙහෙසක් දරන්නට සිදුවුයේ ශ්‍රිපාද භාරකාර නාහිමියන් තැන්පත් අතිගෞරවනීය බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් සැපයුම්කරුවන් ඉදිරිපත් කළ නියැදි විශාල සංඛ්‍යවක් ප්‍රතික්ශේප කල හේතුවෙනි.අවසානයේදි නියම ස්වභාවික කලුගල් නියැදි ඉදිරිපත් කල අවිස්සාවේල්පේ විජිත ගල්කැටයම් ආයතනයට එම කාර්යය බාර දිමට ඒකමතිකව තිරණය කලෙමු.

             කැටයම් සහිත තනිකර දැවයෙන් නිම කිරිමට යෝජිත පියස්ස නිර්මානය කිරිම සදහා තවත් අති දක්ෂ කැටයම් නිර්මාන ශිල්පියකු වු ගම්පහ,වතුරුගම තිලේකේ මහතා වෙත භාර දිමටද මෙහිදි අවසන් තිරණය ගනු ලැබිනි.

ශ්‍රිපාද භාරකාර නාහිමියන් තැන්පත් අතිගෞරවනීය බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ගේ එකම තිරණය වුයේ මෙම සංවර්ධන ව්‍යාපෘතියෙන් ශ්‍රිපාදයේ අවට ස්වභාවිකත්වයට අබමල් රේණුවකවත් හානියක් නොවිය යුතු බවය.

ඒ අනුව මිලග බාර දුර රාජකාරිය උයේ  කලුගල් 5239,සිමෙන්ති කොට්ට 200 ක් හා වැලි කියුබ් 06,ක්‍රොන්ක්‍රිට් ගල් කියුබ් 02 ඉහල මලුවට ගෙන යාමයි.මේය අතිදැවැත්ත අභියෝගයකි.

සාකචිජා වට කිහිපයකින් අනතුරුව වරින් වර යුධහමුදා සෙබලුන් මාර්ගයෙන් මෙම කලුගල් ඉහලට රෑගෙන ගොස් දිමට එකගවිය.එ අනුව ප්‍රථම වරට 2012 දෙසැම්බර් මස 17 වන දින කලුගල් 409 ක් ඉහල මලුවට හමුදා සෙබලුන්ගේ කර මතින් ගෙන යන ලදි.මේ එක ගලක් කිලෝ ග්‍රෑම් 07 පමණ වන අතර සමහර සෙබලුන් ගල් 05 ක් පමණ රෑගෙන යන තරම් ශක්තිවන්ත පුද්ගයන් විය.

මිට අමතරව වැලි රෑගෙන යාම සදහා කිලෝ 01 රු 25 /- බැගින් කම්කරු පිරිස් යොදවා ගැණිමට තිරණය කරන ලදි.

මේ පිලිබද සොයා බැලිම සදහා මෙම ව්‍යාපෘතියේ උපදේශක සෙනරත් බන්ඩාර මහතා සමග මම දෙවනවරට ශ්‍රිපාදය බලා පිටත් උනෙමි


                                                       ඇතට පෙනුන සුන්දර දිය ඇල්ලක්


                                                             තේවතු මැදින්




නොට්න් බ්‍රිජ් 








අපේ රථය හා රථාචාරියා








                                                              මවුස්සාකැලේ ජලාශය





                               

                                                                 ආවේනික ශාක හා මල්








මවුස්සාකැලේ ජලාශය අසල ඇති සමන් දේවාලයේ සිට


 අපේ ආපසු පැමිණිමේ මාර්ගය යෙදුනේ මස්කෙලිය - බලන්ගොඩ මාර්ගය හරහායි













අවශ්‍යකරණ මුලික කටයුතු සාකචිජා කොට නැවතත් අපි පසුවදා කොළඹ බලා පිටත් වුනා